එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන මහ බැංකුවේ වාහන සම්බන්ධ යෝජනාව මෙන්න

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ඊට අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශ විනිමය හරහා සිදුකිරීම පිළිබඳව යෝජනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට ලිඛිතව දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

වාහන ආනයනයේ දී බදු ඇතුළු අනෙකුත් ගෙවීම් විදේශ විනිමයෙන් ගෙවීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී ඇත්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අද (14) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

මූල්‍ය ස්ථාවරත්වය හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය රැකගැනීම මහ බැංකුව එක් කාර්යාභාරයක් වන අතර එහිදී යම් භාණ්ඩයක හෝ භාණ්ඩ කළඹක මිල වැඩිවෙන තත්ත්වයක් තිබෙනවා නම් ඒ ගැන ඔවුන් කල්පනාකාරී වන බව ඔහු පවසයි.

“වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇති වෙන බව අපි දැන් දකිනවා. ඒ තුළින් සමහර විට අපේ පද්ධතියට යම් හානියක් සිදුවෙන්න පුළුවන් ඉදිරි කාලයේ දී. ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා, පිටරට මුදල්වලින් වාහන ගේන්න පුළුවන් නම්, ඊට අමතරව විදේශ විනිමයෙන් ඊට අවශ්‍ය වන බදු ගෙවීම සඳහා අපට ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම්, ඒ තුළින් එක පැත්තකින් අපට විදේශ විනිමය ගලා ඒමක් සිදුවෙනවා.

තව පැත්තකින් රටට අවශ්‍ය ඒ භාණ්ඩයත් ලැබෙනවා. හෙට අනිද්දා වෙනකොට ඒ පිළිබඳ රජයට ලිඛිතව දන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. රජයට ඒ ගැන සැලකිලිමත් වෙන්නට පුළුවන්. අපි හිතන විදියට මෙවැනි තත්ත්වයකට අපි මුහුණ දෙන්නට අවශ්‍යයි. එක පැත්තක් තියෙනවා, මිල අධික වීම, අනෙක් පැත්තෙන් ජනතාවට ඒකේ අවශ්‍යතාවයක් වීම. තව පැත්තකින් පිටරට මුදල් ලංකාවට ගලාඒමට පද්ධතියක් ඇති කිරීම වැනි සියලුම පැතිවලින් බලද්දී මේ යෝජනාවේ යම් සාධනීය භාවයක් තියෙනවා. මහ බැංකුව හැටියට යෝජනාවක් හැටියට අපිට ඒක ලබා දෙන්න පුළුවන්.“යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13