එක එක චක්‍රලේඛ ගෙනල්ලා ගුරුවරියන්ට සාරි අන්දන්න ආවොත් අපි අධිකරණය යනවා

ක්‍රම විරෝධී ව අත්තනෝමතික යම්කිසි වෙනස් කිරීම් කරනවා නම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරනවා.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යට අනුකූලව පාසල් ගුරුවරුන්ට ද සැහැල්ලු ඇඳුමකින් සැරසී ඒමට අවස්ථාව අහුරාලීම ට කටයුතු කරන්නේ නම් එවැනි තීරණයකට යාමට සිදුවන බව ඔහු කියා සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා එලෙස ප්‍රකාශ කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛණ අනුව පහසු ඇඳුමක් ඇඳගෙන ඒමට හැකියාව තිබෙනවා.

ගුරුවරුන්ට සාරියක් අඳින්න මෙතෙක් අනිවාර්ය කරලා නැහැ.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන තෙක් චක්‍රලේඛන වෙනස් කරලා නෑ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛ වෙනස් කරලා කටයුතු කරනවානම් එය ගුරුවරුන්ටද අදාලයි. එසේ වෙනස් වන චක්‍රලේඛන ගුරු අයිතිවාසිකම් වලට බාධාවක්
වනවා නම් අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග වලට යෑමට සිදු වනවා. එමෙන්ම බලහත්කාරයෙන් ගුරුවරුන්ට සාරි අඳින්න අනිවාර්ය කරොත් නිල ඇඳුම් දීමනාවක් ලබාදීමටද රජය කටයුතු කළ යුතුයි.

මේ දිනවල සැහැල්ලු ඇඳුම් ඇඳපු ගුරුවරුන්ට කිසිදු නීතිමය කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ කිසිම අයකුට
හැකියාවක් නැහැ. වැඩබලන රාජ්‍ය ඇමති පම්පෝරි ගැහුවට ඔහුට කරන්න පුළුවන් දෙයක් නෑ. එමෙන්ම විමල් වීරවංශගේ ඇම්බැට්ටයන් අල්ල ගන්න දෙයක් නැතුව ගුරුවරුන්ගේ සාරිය අල්ලගෙන කෑගහනවා

සාරිය පස්සේ යන්නේ නැතුව ළමුන්ට නොලැබෙන දේවල් පිළිබඳව රජය මීට වැඩිය සොයා බැලිය යුතු යැයි තවදුරටත් ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවංගත තම පියාට පුෂ්පෝපාහාර දැක්වීමට සජිත් ප්‍රේමදාස එයි..එජාප නවීන් ඇතුළු සෙට් එකක් ඇවිත්
04:00
Video thumbnail
කම්කරු දිනයේ වඩිවේල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජනපති රතු ෂර්ට් එකකුත් දාගෙන ගැම්මෙන් නුවරඑළියට ආ හැටි
01:25
Video thumbnail
දිලිත්ගේ මැයි රැළියට ජන ගඟක් ගලාගෙන එන හැටි
01:50
Video thumbnail
හිටපු ජනපති මහින්දයි පුතයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39