රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, ඉකුත් සති දෙකක කාලය තුළ කොළඹ මධ්‍යම හුවමාරුවේ භාර ගැනීමට නොපැමිණි පාර්සල් තුළ තිබී, ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (19) දින පස්වරුවේ සොයාගෙන අත් අඩංගුවට ගනු ලැබුවා.
මෙම පාර්සල් ප්‍රංශය, ඇමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මහනුවර, මීගමුව, ජා – ඇළ , වැල්ලවත්ත, නුගේගොඩ, තංගල්ල, මහියංගනය සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි ලිපිනයන් වෙත භාරදීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.
මෙවැනි පාර්සල් 20 ක් ඉකුත් සති දෙකක කාලය තුළ තුළ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා, ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට තැපැල්පතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණා.
ඒවායින් පාර්සල් 14ක ‘කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 272ක් සහ ‘මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති 2,049ක් සොයා ගැනීමට රේගු තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් සමත් ව ඇති බවයි පැවසෙන්නේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් හඳුනාගෙන සහතික කිරීමෙන් පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.