AFC Banner
Empty Ad
Empty Ad

එක් එක් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් මෙන්න

ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දී තිබූ කාලය පස්වරු 4.00ට අවසන් වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දට ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ, අනුව අද (21) පස්වරු 4.00 වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ 75%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ එය දැක්වෙන්නේ 80%ක් ලෙසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එය 80%ක් ලෙස වාර්තා වන අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ 64%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය ලෙස දැක්වෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ක් ලෙස වාර්තා වනවා.

එමෙන්ම යාපනය දිස්ත්‍රිකයේ 63%ක් ලෙස ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය දැක්වෙන අතර, වන්නි දිස්ත්‍රික්කයේ 65% වනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දට ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 63%ක් ලෙස වාර්තා වන අතර, රත්නපුර 74%ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ එය 72%ක් ලෙස දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?