එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි ශ්‍රී ලාංකික නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ජුනි 24 දින මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්වුණා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc – Andre Franche මහතා, ගෝලීය මෙහෙයුම් අංශයේ ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධානී Rory Mungoven මහතා, නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක Laila Nazarali මහත්මිය සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක Jeremy Lawrence මහතා ද ඇතුළත් වුණා.

වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ආරක්‍ෂක සහයෝගීතා සහ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය සහ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වුණා.

සාකච්ඡාව අතරතුර, මහ කොමසාරිස්වරයා විසින් මානව හිමිකම් වෙනුවෙන් වගවීම, මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූවන්ට ඵලදායී පිළියම් සහ ඒ වෙනුවෙන් පවත්වා ගත යුතු අඛණ්ඩ ප්‍රතිසන්ධාන උත්සාහයන් ඇතුළු මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධ කරුණු රාශියක් ඉදිරිපත් කළා.

එමෙන්ම, ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවිය හැකි මානව හිමිකම් කඩවීම් සහ සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකිරීම සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය උපාය මාර්ග පිළිබඳව ද, ඔහු කරුණු ඉදිරිපත් කළා.

මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ කැපවීම Turk මහතාගේ පැසසුමට ලක් වුණා.

ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතීන් අතර සංහිඳියාව ඉදිරියට ගෙනයාමේ අන්‍යෝන්‍ය වගකීම පිළිබඳවද ඔහු අවධාරණය කළ අතර, අඛණ්ඩ මානව හිමිකම් මුලපිරීම් සඳහා සහාය දැක්වීමේදී ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කමද, අවධාරණය කළා.

ඊට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට කැපවීම යළි තහවුරු කෙරුණා.

ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය වැනි ප්‍රධාන ආයතනවල ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා රජයේ සහයෝගය ද, අවධාරණය කළා.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාව සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාය ශක්තිමත් කිරීම සහ ඵලදායී සංවාදයන් වර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් සටහන් කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?