එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අගමැතිනිය ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර නිල හමුවක් අද (24) පැවැත්වුණා.

මෙම අවස්ථාවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ද එක් ව සිටියා.

මෙම හමුව පැවැත්වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීයි.

මේ අතර නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් හා අගමැතිනි ආචාර්‍යය හරිනි අමරසූරිය අතර ද හමුවක් පැවැත්වුණා.

ඊයේ (23) මෙම හමුවීම අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීම, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ අවශ්‍ය සමාජ පරිවර්තනය මෙන්ම ආයතනික වෙනස්කම් සමඟ නීතිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම, අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරකෂා කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව අගමැතිනිය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?