එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අගමැතිනිය ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර නිල හමුවක් අද (24) පැවැත්වුණා.

මෙම අවස්ථාවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ද එක් ව සිටියා.

මෙම හමුව පැවැත්වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීයි.

මේ අතර නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් හා අගමැතිනි ආචාර්‍යය හරිනි අමරසූරිය අතර ද හමුවක් පැවැත්වුණා.

ඊයේ (23) මෙම හමුවීම අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීම, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ අවශ්‍ය සමාජ පරිවර්තනය මෙන්ම ආයතනික වෙනස්කම් සමඟ නීතිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම, අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරකෂා කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව අගමැතිනිය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට දන්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56