AFC Banner
Empty Ad
Empty Ad

එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් ගිනිතබා විනාශ කරයි

ඉකුත් අගෝස්තු මස 26 වන දින බියගම මැතිවරණ කොට්ඨාසයේ දරණගම ප්‍රදේශයේ විවෘත්ත කළ එක්සත් ජාතික පක්ෂයට අයත් මැතිවරණ කාර්යාලයක් කිසියම් පිරිසක් විසින් ඊයේ (05) සවස ගිනි තබා විනාශ කර තිබෙනවා .

මෙම සිදුවීමෙන් පක්ෂ කාර්යාලයේ බැනර් සහ කටවුට් සියල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සිදුවීම පිළිබඳව මාධ්‍යට අදහස් පල කළ එක්සත් ජාතික පක්ෂ බියගම ආසනයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති සහ හිටපු පළාත්සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් කියා සිටියේ, මෙම ගිනිතැබීම සිදු කළ පුද්ගලයන්, ජනතා විමුක්ති පෙරමුණේ අය ලෙස හඳුනාගෙන ඇති බවයි.

මේ පිළිබඳව මීගහවත්ත පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවත්, ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයෙක් මේ වන විට එම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?