එක්දින සංචිතයට තවමත් ඇමතිගේ අනුමැතිය නැහැ – දසුන්

හෙට (25) ආරම්භවීමට නියමිත ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව නොමැති බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක පවසනවා.

අද (24) පස්වරුවේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් දසුන් මේ බව සඳහන් කළා.

මේ අතර පසුගිය කාලය තුළ කණ්ඩායම ඇතුළත ගැටළු අර්බුද පැන නැඟුනත් කණ්ඩායමක් ලෙස මේ වන විට යහපත් මානසික මට්ටමක පසුවන බවයි දසුන් මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ.

කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනා මේ වනවිටත් සුපුරුදු රිද්මයට පැමිණ ඇති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?