එක්දින තරගාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) පෙරවරුවේ ඔස්ට්‍රෙලියාවට එරෙහිව පිටියට පිවිසෙනවා.
ඒ අද පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.
පෙරේදා (12) පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 49ක ජයක් වාර්තා කළා.
අද තරගය දෙපාර්ශ්වයට ම වැදගත් වනු ඇති.
ශ්‍රී ලංකාව හමුවේ ඔස්ට්‍රෙලියාව අද තරගය ජයග්‍රහණය නොකළහොත් ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ එක්දින තරග 38ක් පරාජයට පත් වනවා.
ශ්‍රී ලංකාව අද තරගය ජය ගතහොත් සිය මව්බිමේ දී ඔස්ට්‍රෙලියාව එක්දින තරගාවලියක දී පරදන 20 වැනි අවස්ථාව ලෙසයි එය ඉතිහාසගත වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1