එක්දරු මව ඝාතනය කර හිටපු පෙම්වතාත් සියදිවි නසාගෙන (ඡායාරූප)

කාන්තාවක් ඝාතනය කර පුද්ගලයෙකු ද සියදිවි හානිකර ගැනීමේ පුවතක් පරයනාලන්කුලම, නිලියාමොටෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසක රැඳී සිටි විවාහක කාන්තාවක් අද (13) අලුයම් කාලයේ නිවස තුළ දී වෙඩි තබා ඝාතනය කර අනතුරුව ඝාතනය සිදුකළ සැකකරු ද වෙඩි තබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක එක්දරු මවක් වන අතර, ඝාතනය සිදු කිරීමෙන් පසු සියදිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 24ක නිලියාමොටෙයි ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඝාතනයට ලක්වූ කාන්තාව විවාහ වීමට පෙර සැකකරු සමඟ පැවති ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

අදාළ කාන්තාවගේ නිවස තුළදීම සැකකරු විසින් වෙඩිතබා මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු අද (13) උදෑසන සැකකරු ද නිලියාමොටෙයි කෝවිල අසලදී වෙඩි තබාගෙන මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත ශරීර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණවලින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ හා වව්නියාව රෝහල වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
9
+1
1
+1
24
+1
21
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47