එකම පවුලේ නවයකට එකවර දිවි එපාවෙයි

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සංග්ලි ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයන් නවදෙනෙකු සිය දිවිනසා ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිරිස අධික ණය බර හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකර තිබුණේ.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විෂ ද්‍රව්‍යයක් ආහාරයට ගෙන ඔවුන් මෙලෙස සිය දිවිනසාගෙන ඇති බවයි.

මෙලෙස සිය දිවිනසාගෙන ඇත්තේ සහෝදරයන් දෙදෙනා, ඔවුන්ගේ මව, බිරින්දෑවරුන් සහ දරුවන් සිව්දෙනා බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ නිවෙස්වල තිබීය දී මෙම සිරුරු සොයා ගැනීමට එරට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී තිබෙනවා.

මෙම පවුලේ සහෝදරයන් විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ණයට ගෙන ඇති අතර එම ණය පියවීමට නොහැකිව්ම හේතුවෙනුයි ඔවුන් සියලු දෙනා මෙම තීරණය ගෙන ඇත්තේ.

මූලික විමර්ශනවලට අනුව මෙය සියදිවි නසා ගැනීමක් බව පෙනී යන බව පොලිසිය පවස අතර එය සිය දිවිනසා ගැනීමක් ද නැත්නම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දිවි නසාගත් එක් සහෝදරයෙක් ගුරුවරයෙක්වන අතර අනෙකා පශු වෛද්‍යවරයෙක් බවයි වාර්තා වන්නේ.

දෛනිකව මෙම පවුලේ අයෙක් කිරි ගෙන ඒමට පැමිණෙන බැවින් ඊයේ දිනයේ ඔවුන් නොපැමිණියේ මන්දැයි සොයා බැලීම සඳහා ගමේ දැරියක් එම නිවසට ගිය අවස්ථාවේදීයි මරණ පිළිබඳ අනාවරණය වී ඇත්තේ.

මෙය සියදිවි නසාගැනීමක් ලෙස පෙනුනද, එය බරපතල සිදුවීමක් බැවින් සෑම අංශයකින්ම විමර්ශනය කරන බව උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පවුලේ සාමාජිකයින් විසින් විෂ සහිත ද්‍රව්‍යයක් පානය කර ඇතැයි මුලිකව අනාවරණය වුව ද සවිස්තරාත්මක පරීක්ෂණයකින් සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවකින් පමණක් මරණයට නිශ්චිත හේතුව හෙළි වනු ඇති බවයි එම පොලිසිස් නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?