එකම පවුලේ නවයකට එකවර දිවි එපාවෙයි

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සංග්ලි ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයන් නවදෙනෙකු සිය දිවිනසා ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිරිස අධික ණය බර හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකර තිබුණේ.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විෂ ද්‍රව්‍යයක් ආහාරයට ගෙන ඔවුන් මෙලෙස සිය දිවිනසාගෙන ඇති බවයි.

මෙලෙස සිය දිවිනසාගෙන ඇත්තේ සහෝදරයන් දෙදෙනා, ඔවුන්ගේ මව, බිරින්දෑවරුන් සහ දරුවන් සිව්දෙනා බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ නිවෙස්වල තිබීය දී මෙම සිරුරු සොයා ගැනීමට එරට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී තිබෙනවා.

මෙම පවුලේ සහෝදරයන් විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ණයට ගෙන ඇති අතර එම ණය පියවීමට නොහැකිව්ම හේතුවෙනුයි ඔවුන් සියලු දෙනා මෙම තීරණය ගෙන ඇත්තේ.

මූලික විමර්ශනවලට අනුව මෙය සියදිවි නසා ගැනීමක් බව පෙනී යන බව පොලිසිය පවස අතර එය සිය දිවිනසා ගැනීමක් ද නැත්නම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දිවි නසාගත් එක් සහෝදරයෙක් ගුරුවරයෙක්වන අතර අනෙකා පශු වෛද්‍යවරයෙක් බවයි වාර්තා වන්නේ.

දෛනිකව මෙම පවුලේ අයෙක් කිරි ගෙන ඒමට පැමිණෙන බැවින් ඊයේ දිනයේ ඔවුන් නොපැමිණියේ මන්දැයි සොයා බැලීම සඳහා ගමේ දැරියක් එම නිවසට ගිය අවස්ථාවේදීයි මරණ පිළිබඳ අනාවරණය වී ඇත්තේ.

මෙය සියදිවි නසාගැනීමක් ලෙස පෙනුනද, එය බරපතල සිදුවීමක් බැවින් සෑම අංශයකින්ම විමර්ශනය කරන බව උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පවුලේ සාමාජිකයින් විසින් විෂ සහිත ද්‍රව්‍යයක් පානය කර ඇතැයි මුලිකව අනාවරණය වුව ද සවිස්තරාත්මක පරීක්ෂණයකින් සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවකින් පමණක් මරණයට නිශ්චිත හේතුව හෙළි වනු ඇති බවයි එම පොලිසිස් නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14