එකම පවුලේ අයියයි – මල්ලියි යතුරුපැදි අනතුරකින් මරුට

යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් සහෝදරයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ මුලතිව් – මන්කුලම්, වේලාන්කුලම් ප්‍රදේශයේ දීයි.

මුලතිව් – මාන්කුලම් සිට මල්ලාවි දෙසට යතුරුපැදියකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු ගමන් කර ඇති අතර; ඊට විරුද්ධ දෙස සිට තවත් තරුණයෙකු පදවාගෙන ආ යතුරුපැදිය සමග මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් එක් යතුරුපැදියක ගමන් කළ සහෝදරයින් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අනෙක් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් පොලිසිය පවසනවා.

තුවාලකරුගේ තත්ත්වය බරපතළ බැවින් මේ වනවිට (21) ඔහු කිලිනොච්චිය මහ රෝහලට මාරුකර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වූ 20 හා 23 හැවිරිදි විජයකුමර් විදුසන් සහ ජෙයකුමර් විදුසන් නමැති දෙදෙනකුයි.

අනතුරට හේතුව යතුරුපැදි දෙකෙහිම අධික වේගය බවත් පරීක්ෂණවලින් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17
Video thumbnail
🔴BREAKING NEWS
01:26

?