AFC Banner
Empty Ad
Empty Ad

එකපාරක් චාර්ජ් කළාම හැතැප්ම 520ක් දුවන්න පුලුවන් කාරෙකක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි Lucid Group විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කළ නවතම විදුලි මෝටර් රථය එළිදැක්වීම සිදු කර තිබේ.

“Lucid Air Dream Edition” යනුවෙන් එය නම් කර තිබේ.

එරට පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් හෙළිකළ ආකාරයට එම මෝටර් රථය එක්වරක් සම්පූර්ණයෙන් ආරෝපණය කළ විට ගමන් කළ හැකි සම්පූර්ණ දුර ප්‍රමාණය සැතපුම් 520කි.

එය මෙතෙක් එම ආයතනය මගින් ශ්‍රේණිගත කළ වාහන අතුරින් ඒ ආකාරයට වැඩිම දුරක් ධාවනය කළ හැකි මෝටර් රථය ලෙස සඳහන් වන අතර නව මෝටර් රථයේ වැදගත්කම වන්නේ ඉන්ධන පිරවූ මෝටර් රථයක්ද එකවර එවැනි දුරක් ධාවනය කළ නොහැකි වීමයි.

මෙම “Dream Edition” මෝටර් රථයේ මිල ඩොලර් 169,000ක් ලෙස දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
108
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?