එංගලන්ත සවාරියේ නඩුවට රනිල් අද, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ධූරය දැරූ සමයේ රජයේ අරමුදල් පෞද්ගලික සංචාරයකට යෙදවීම සම්බන්ධයෙන් වන නඩුව අද (29) යළි කැඳවීමට නියමිතයි.

ඒ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්වයක් සඳහා එංගලන්තය වෙත ගොස් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුව අද (29) යළිත් කැඳවනු ලබනවා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව අගෝස්තු මස 26 වැනිදා නැවත එම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රනිල් වික්‍රමසිංහ හට ඇප නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46