හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ධූරය දැරූ සමයේ රජයේ අරමුදල් පෞද්ගලික සංචාරයකට යෙදවීම සම්බන්ධයෙන් වන නඩුව අද (29) යළි කැඳවීමට නියමිතයි.
ඒ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්වයක් සඳහා එංගලන්තය වෙත ගොස් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුව අද (29) යළිත් කැඳවනු ලබනවා.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව අගෝස්තු මස 26 වැනිදා නැවත එම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රනිල් වික්‍රමසිංහ හට ඇප නියම වුණා.




