එංගලන්තය පැරදූ දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 229ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 399ක් රැස් කළා. Heinrich Klaasen ලකුණු 109ක් ලබා ගත්තේ 4 පහර 12ක් සහ 6 පහර 4ක් සමගින්.

Marco Jansen නොදැවී ලකුණු 75 යි. Reeza Hendricks ලකුණු 85ක්, Rassie van der Dussen ලකුණු 60ක් සහ නායක Aiden Markram ලකුණු 42ක් බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Reece Topley කඩුලු 3ක්, Gus Atkinson සහ Adil Rashid කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 400ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 22ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 170ක් පමණයි. Mark Wood පන්දු 17කින් ලකුණු 43ක් ලබා ගත්තා. Gus Atkinson ලකුණු 35යි.

පන්දු යැවීමේදී Gerald Coetzee එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙලුවා. Lungi Ngidi සහ Marco Jansen කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකා කණ්ඩායමේ Heinrich Klaasenට හිමිවුණා.

එක්දින ක්‍රිකට් ආකෘතියේ එංගලන්තය ලැබූ දරුණුතම පරාජය මෙය ලෙසටයි ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
8
+1
1
+1
2
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?