ඌරගහ මයිකල්ගේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමඟ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව ඌරගහමහේ දණ්ඩ මාර්ගයේ කොරකීන ප්‍රදේශයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී මෙම ගිනිඅවිය සහ අයිස් ග්‍රෑම් 05කුත් මිලිග්‍රෑම් 500ක් සහ මුදලින් රුපියල් 100,000ක් පොලිස් අත් අඩංගුවට ගැනුණු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ඌරගහ මයිකල්ගේ ගෝලයකු මෙන්ම ඔහුගේ ප්‍රධාන වෙඩික්කරු බවත් හෙළි ව තිබෙනවා.

මෙම සැකකරු ඌරගහ, ඇල්පිටිය, කරන්දෙනිය, බද්දේගම, හික්කඩුව, අම්බලන්ගොඩ, කොස්ගොඩ, අලුත්ගම හා බෙන්තොට ආදී ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මොහු මීට මාස කීපයකටකට පෙර රක්ෂිත බන්ධනාගාර ගත වී ඇප ලබා පැමිණි අයෙක් වන අතර මනුෂ්‍ය ඝාතන, මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට තැත් කිරීම හා මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙක්.

අත්අඩංගුවට ගස් සැකකරු 42 හැවිරිදි නිලෙන්ති ධනුශ්ක ද සිල්වා නමැති කරන්දෙනිය – අනුරුද්දගම පදිංචිකරුවෙක්.

සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46