logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

උසාවියට රහස් ප්‍රකාශ දුන් තාඹුගලට මරණ තර්ජන ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහි ව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවු‍ලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල වී තිබෙන බව ඔහුගේ නීතිඥවරු අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මයිස්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී තාම්බුගල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයාට සහ ඔහුගේ බිරිඳට තර්ජන එල්ල වී තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් ලබන 10 වනදා නියෝගයක් නිකුත් කරන බවත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?