උසාවියට ඉදිරිපත් කළ හේමාල්ට ඇප

පහරදීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදාහැර තිබෙනවා.

සැකකාර රංගන ශිල්පී හේමාල් රණසිං අද (03) දහවල් ඉදිරිපත් කෙරුනේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවටයි.

මෙහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහුව මුදා හැරීමට නියෝග කෙරුණේ.

පසුගිය ජනවාරි මස 08 වනදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියට භාරවීමෙන් අනතුරුව රංගන ශිල්පී හේමාල් රණසිං අද දිනයේ අත්අඩංගුවට ගැනුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ අතර, අද (03) දිනයේ ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට පැමිණ භාරවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?