උසස් පෙළ සුදුසුකම් නොලැබූ දරුවන්ට මාර්ගෝපදේශන වැඩසටහනක්

2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට උසස් පෙළ හැදෑරීමට වරම් නොලද සිසුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මාර්ගෝපදේශන සේවාවක් ආරම්භ කර තිබෙනවා.

තමා සතුව පවතින සුවිශේෂ දක්ෂතාව නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින් වෘත්තිමය ලෙසට දියුණු කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශන මෙම වැඩසටහන මගින් ලබාගත හැකි බවයි මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව පැවසුවේ.

2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි ළමුන් 2022 වසරේදී මෙම වැඩසටහන සාර්ථකව නිම කළ අතර 2021 වසරේ සාමාන්‍ය පෙළට පෙනී සිට උසස් පෙළ සඳහා සුදුසුකම් නොලැබූ දරුවන්ට මෙම මාසයේ සිට Skill Scan Clinic වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම මාර්ගෝපදේශන වැඩසටහන සමග සම්බන්ධ වීමට කැමති ළමුන් 0112187407 අංකයෙන් ප්‍රධාන කාර්යාලය සහ රට පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඇති මහජන රැකියා සේවා මධ්‍යස්ථාන රාජකාරී වේලාව තුල අමතා ලියාපදිංචි විය හැකියි.

උසස් පෙළ සඳහා සුදුසුකම් නොලැබූ සිසුන්ගේ හැකියාව පිළිගත් ලෙස මනෝමිතික පරීක්ෂණයකට ලක් කර දරුවාට වඩාත් ගැලපෙන අධ්‍යාපන හා වෘත්තිය පුහුණු අවස්ථාවක් ලබා ගැනීමටත් ඵලදායී මානව ප්‍රාග්ධනය බිහිකිරීම උදෙසාත් මෙම මාර්ගෝපදේශන වැඩසටහන තුලින් අවස්ථාව හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?