උසස් පෙළ සුදුසුකම් නොලැබූ දරුවන්ට මාර්ගෝපදේශන වැඩසටහනක්

2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට උසස් පෙළ හැදෑරීමට වරම් නොලද සිසුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මාර්ගෝපදේශන සේවාවක් ආරම්භ කර තිබෙනවා.

තමා සතුව පවතින සුවිශේෂ දක්ෂතාව නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින් වෘත්තිමය ලෙසට දියුණු කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශන මෙම වැඩසටහන මගින් ලබාගත හැකි බවයි මිනිස්බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව පැවසුවේ.

2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි ළමුන් 2022 වසරේදී මෙම වැඩසටහන සාර්ථකව නිම කළ අතර 2021 වසරේ සාමාන්‍ය පෙළට පෙනී සිට උසස් පෙළ සඳහා සුදුසුකම් නොලැබූ දරුවන්ට මෙම මාසයේ සිට Skill Scan Clinic වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම මාර්ගෝපදේශන වැඩසටහන සමග සම්බන්ධ වීමට කැමති ළමුන් 0112187407 අංකයෙන් ප්‍රධාන කාර්යාලය සහ රට පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඇති මහජන රැකියා සේවා මධ්‍යස්ථාන රාජකාරී වේලාව තුල අමතා ලියාපදිංචි විය හැකියි.

උසස් පෙළ සඳහා සුදුසුකම් නොලැබූ සිසුන්ගේ හැකියාව පිළිගත් ලෙස මනෝමිතික පරීක්ෂණයකට ලක් කර දරුවාට වඩාත් ගැලපෙන අධ්‍යාපන හා වෘත්තිය පුහුණු අවස්ථාවක් ලබා ගැනීමටත් ඵලදායී මානව ප්‍රාග්ධනය බිහිකිරීම උදෙසාත් මෙම මාර්ගෝපදේශන වැඩසටහන තුලින් අවස්ථාව හිමිවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14