AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ සිසුවිය නිවසේ කිසිවෙක් නොමැති වෙලාවේ සියදිවි නසාගෙන

වයස අවුරුදු 18ක පාසල් සිසුවියක් සියදිවි හානිකරගත් පුවතක් පුදුකුඩිඉරිප්පු, ඉරණපලෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි සිසුවියක් ඊයේ (12) මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ.

මෙම සිසුවිය ඊයේ (12) තම නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිසුවිය සම්බන්ධයෙන් අසල්වාසීන් විසින් සොයාබැලූ අවස්ථාවේ දී ඇය සියදිවි නසාගෙන ඇති බවට දැක වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

සිසුවිය පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දීත් මියගොස් සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?