උසස් පෙළ සිසුවිය නිවසේ කිසිවෙක් නොමැති වෙලාවේ සියදිවි නසාගෙන

වයස අවුරුදු 18ක පාසල් සිසුවියක් සියදිවි හානිකරගත් පුවතක් පුදුකුඩිඉරිප්පු, ඉරණපලෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි සිසුවියක් ඊයේ (12) මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ.

මෙම සිසුවිය ඊයේ (12) තම නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිසුවිය සම්බන්ධයෙන් අසල්වාසීන් විසින් සොයාබැලූ අවස්ථාවේ දී ඇය සියදිවි නසාගෙන ඇති බවට දැක වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

සිසුවිය පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දීත් මියගොස් සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පුදුකුඩිඉරිප්පු රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42