උසස් පෙළ සිසුවියකගෙන් විභාග කොමසාරිස්ට පැමිණිල්ලක්

උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය අංක 01 ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සැපයීමට පෙනී සිටි තමන්ට, එම විභාග ශාලාවේදී නිරීක්ෂකවරයකුගෙන් සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණීලි කිරීමට අසාධාරණයට ලක්ව ඇති සිසුවියක් කටයුතු කර තිබෙනවා.

අදාළ සිදුවීම ඊයේ (8) දිනයේ කැකිරාව ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක දී සිදුව ඇති අතර අසාධාරණයට ලක්වූ දියණිය සිය අදහස් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණේ මෙලෙසින්.

” මම උසස් පෙළ සදහා වාණිජ විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටිනවා. කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී තමයි මම විභාගයට පෙනී සිටින්නේ. ඒ අනුව ගිණුම්කරන විෂයට අදාල පළමු ප්‍රශ්ණ පත්‍රයට ඊයේ(08) දිනයේ අපට පිළිතුරු ලියන්න තිබුණා. එහිදී ගණක යන්ත්‍ර භාවිතා කරන්න සිසුන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා සිසුන් ගණක යන්ත්‍ර රැගෙනවිත් තිබුණා. මමත් ඒ සදහා ගණක යන්ත්‍රයක් රැගෙන ගියා. මම රැගෙන ගියේ සැලසුම් සකස් කිරීමට නොහැකි ගණක යන්ත්‍රයක්. නමුත් විභාගය අවස්ථාවේ දී එම ශාලාවේ හිටපු නිරීක්ෂක මහත්වරු මගෙත් තවත් සිසුන් කිහිප දෙනෙක්ගෙත් එම ගණක යන්ත්‍ර ඉවත් කරන්න කටයුතු කළා. මගේ වගේම එම ශාලාවේ හිටපු තවත් සිසුන් කිහිප දෙනෙකුගේ ගණක යන්ත්‍ර ඉවත් කිරීමට එම විභාග නිරීක්ෂකවරයා කටයුතු කළා. ශාලාවේ සෙසු පිරිස් ගණක යන්ත්‍ර භාවිතා කළා. අපි දෙතුන් දෙනෙකුට තමා භාවිතා කරන්න දුන්නේ නැත්තෙ. මම මේ වතාවේ දෙවැනි වරටයි අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ. පසුගිය වසරේදීත් මම මේ විභාගයට රැගෙන ගියේ මෙම ගණක යන්ත්‍රයමයි. එහිදී ගැටලුවක් නැතුව මම ගණක යන්ත්‍රය භාවිතා . මෙවර මම විභාග නිරීක්ෂකතුමාට ඒ ගැනත් කිව්වා එහෙත් මෙවර මට එම ගණක යන්ත්‍රය භාවිතා කරන්න අවසර දුන්නේ නැහැ. අපි කිහිප දෙනාටම පිළිතුරු ලිවීමේ දී මේ නිසා අසාධාරණයක් සිදුවුණා. මට සිදුවූ අසාධාරණය ගැන මම දුක්වෙනවා. ඒ ගැන මම දෙමව්පියන්ට කිව්වා. මම මේ ගැන විභාග කොමසාරිස් තුමාටත් පැමිණිලි කලා. ඒ වගේම උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාටත්, කැකිරාව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාටත් පැමිණිලි කරලා තියෙනවා. මමත් අනෙක් සහෝදර සිසුන්ටත් සිදුවුණ මෙම අසාධාරණයට සාධාරණයක් කරලා දෙන්න කියලා තමයි මම විභාග කොමසාරිස් ජනරාල් තුමාගෙන් ඉල්ලා සිටින්නේ. “

4 3
1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?