AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල ලබාගත හැකියි.

මේ අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල බලාගැනීමට එකවර විශාල පිරිසක් www.doenets.lk වෙබ් අඩවියට පිවිසම හේතුවෙන් එකවර එයට පිවිසීමට යම් යම් බාධාවන් එල්ල විය හැකි බවයි.

පසුගිය ජනවාරි 04 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත් වූ අතර, විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනී සිටියා.

ඒ, අතුරින් පෙනී පාසල් අයදුම්කරුවන් 229,057ක් මෙවර විභාගයට පෙනී සිටි අතර, විභාගයට පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556ක් බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවර විභාග ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 173,444ක්.

එමෙන්ම පුද්ගලික අයදුම්කරුවන් 44 දෙනෙකුගේ සහ පාසල් අයදුම්කරුවන් 146 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
10
+1
4
+1
5
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?