උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව විභාග ප්‍රතිඵල www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල ලබාගත හැකියි.

මේ අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල බලාගැනීමට එකවර විශාල පිරිසක් www.doenets.lk වෙබ් අඩවියට පිවිසම හේතුවෙන් එකවර එයට පිවිසීමට යම් යම් බාධාවන් එල්ල විය හැකි බවයි.

පසුගිය ජනවාරි 04 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත් වූ අතර, විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනී සිටියා.

ඒ, අතුරින් පෙනී පාසල් අයදුම්කරුවන් 229,057ක් මෙවර විභාගයට පෙනී සිටි අතර, විභාගයට පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556ක් බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවර විභාග ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 173,444ක්.

එමෙන්ම පුද්ගලික අයදුම්කරුවන් 44 දෙනෙකුගේ සහ පාසල් අයදුම්කරුවන් 146 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08