ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම වෙනුවෙන් ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ඩොලර් මිලියන 350ක් සහනදායී ණය පදනම යටතේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ ඩොලර් මිලියන 100ක් මූල්‍ය ආධාර හෙවත් ප්‍රදානයන් ලෙස මෙහිදී අදාළ සහන පැකේජය ලබාදෙනු ඇති.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (23) පෙරවරුවේ මෙම ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23