උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි.

යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කලුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල දී එම කටයුතු සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි මධ්‍යය ඇතුළු අනෙක් විෂයයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති අතර එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරිම පිළිබඳ මේ වන විට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?