උසස් පෙළ අවසන් කරන සිසුන්ට වෘත්තීය අධ්‍යාපන පුහුණුවක් පාසලේදීම

මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් පෙබරවාරි මාසයේ සිට ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, අපොස උසස් පෙළ අධ්‍යාපනය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් මෙම වෘත්තීය පුහුණු වැඩසටහන දිවයිනේ තෝරාගත් පාසල් 299ක දී ක්‍රියාවට නංවන බවයි.

2024 ජනවාරි මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024.02.09 දිනට පෙර මෙම වැඩසටහනට ලියාපදිංචි විය හැකි බවත්, මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශය විසින් සංවිධානය කරන මෙම විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති වැඩසටහනකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16