උසස් අධ්‍යාපනයට සල්ලි සොයන්න ඇඟ විකිණූ තරුණියන් 14ක් අත්අඩංගුවට

උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 20 හා 30 අතර වයස් කාණ්ඩවල පසුවන තරුණියන් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අධ්‍යාපනය ලැබීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් ඔවුන් එම රැකියාවේ නිරත වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

තරුණියන් සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් බවයි අනාවරණය වී ඇත්තේ.

කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින වර්ධනය වන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සූක්ෂම අයුරින් වැටලීම සිදු කර තිබෙනවා.

එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින්, ඒ සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුවත් මෙම රැකියාව තෝරා ගත් බව පැවසූ බවටයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 20 හා 30 අතර පසුවන තරුණියන් කොළඹ ප්‍රධාන පෙලේ ආයතනවල උසස් රැකියාවල නිරත වන බවට තමන් මව්පියන්ට හා ඥාතීන් පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58