උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 20 හා 30 අතර වයස් කාණ්ඩවල පසුවන තරුණියන් කොළඹින් දුර බැහැර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අධ්‍යාපනය ලැබීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් ඔවුන් එම රැකියාවේ නිරත වී ඇති බවටයි හෙළිවී ඇත්තේ.
තරුණියන් සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් බවයි අනාවරණය වී ඇත්තේ.
කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින වර්ධනය වන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සූක්ෂම අයුරින් වැටලීම සිදු කර තිබෙනවා.
එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින්, ඒ සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුවත් මෙම රැකියාව තෝරා ගත් බව පැවසූ බවටයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 20 හා 30 අතර පසුවන තරුණියන් කොළඹ ප්‍රධාන පෙලේ ආයතනවල උසස් රැකියාවල නිරත වන බවට තමන් මව්පියන්ට හා ඥාතීන් පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටි බව සඳහන්.














RATA ME THANATA PATH KALA KISIMA EKEKUTA KISIMA HO YAHAPATHAK NOWEWA! MAMA KISI KENEKUTA LEHESIYEN EHEMA KARANA KENEK NOWEYI. MATATH INNAWA TEEN AGE DUWAK SAHA TEEN AGE PUTHEK. HARIMA PAWU NEDHA ME AHUWELA INNA DARIWIYO. KAWUDHA EALAWA EHEMA DEYAK KARANA THANATA PATH KALEYI? ANNA UNA THAMAYI MAMA EHEMA KIYUWE.