උරණ වූ ප්‍රේමයෙන් පෙම්වතිය මරුට

පෙම්වතියගේ හිසට කළු ගලකින් පහර දී ඝාතනය කළ සිදුවීමකට අදාළ සැකකාර පෙම්වතා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට කළු ගලකින් පහර දී ඝාතනය කර ඇති අතර ඔහු ව අද (30) පයාගල පොලිසිය අත්අඩංගුවට ගත් බවයි.

මරණකාරිණිය පයාගල, පහලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරණියගලගේ තරුෂි සෙව්මිණි නමැති 19 හැවිරිදි තරුණියක්.

එම යුවල ඊයේ (29) රාත්‍රියේ පයාගල – දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතාබස් කරමින් සිට ඇති බවත්; දෙදෙනා අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට ගලකින් පහර දී ඇති බවට සැකකරු විසින් පාපොච්චාරණය කළ බවයි.

එමෙන්ම සිද්ධිය වූ ස්ථානයේ තිබී හිසට පහර දුන්නා යැයි සැලකෙන කුඩා ප්‍රමාණයේ කළු ගලක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම දෙපළ අතර කාලයක් තිස්සේ නිරන්තරයෙන් ආරවුල් තිබී ඇති බවයි.

සැකකරු තම මිතුරෙකුට දැනුම් දී පෙම්වතියව 1990 සුවසැරිය ගෙන්වා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද අළුයම
ඇය මියගොස් ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් සහ පයාගල පොලිසියේ අපරාධ අංශ භාර නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

සැකකාර පෙම්වතා 18 හැවිරිදි පයාගල, මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
4
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58