උමාරියා ඇඬුවේ මාකර්ට් වෙන්නද?

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පසුගිය දිනක අන්තර්ජාල සම්මුඛ සාකච්චාවකට පැමිණ එහිදී තමන්ට සමාජ ජාලාවලදී සිදුවන හිරිහැර, හිංසන සම්බන්ධයෙන් වූ කතාබහක සංවේදීව හඬන අවස්ථාව බොහොදෙනාගේ අවදානයට ලක් වුණා. ඇයගේ නොවන නමුත් ඇයගේ යැයි පවසමින් සමාජ ජාලාවල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයක් හේතුවෙන් තමන්පත් වී ඇති අපහසුතාව සහ එයින් වන මානසික පීඩාව ගැන ඇය බොහෝ සංවේදීව එම වැඩසටහනේදී අදහස් පළ කළාය. කාන්තාවන්ට සමාජ මාධ්‍ය තුලින් එල්ලවන හිරිහැර සහ හිංසන සම්බන්ධයෙන් ඇය සමගින් විමසන්නට අපි උමාරියා සිංහවංශව මෙලෙස සම්බන්ධ කරගත්තා.

උමාරියා ඔබට මේ සිදු වු සිදුවීමත් එක්ක සමාජ මාධ්‍යවල කාන්තාවන්ට වන හිංසා ගැන දැන් වැඩි වැඩියෙන් කතාවනවා නේද?

මම හිතන්නේ මේවා කතා කරන්න ඕනේ දේවල්. කාටහරි හානියක් සිදුවුණාට පසුව කතා කරන්න ඕනේ තත්ත්වෙට එන්න ඕනේ දේවල් නෙමෙයි. ඒ ගැන මට දුකයි. මට වුණු සිදුවීමත් සමඟ මේ ගැන කිසියම් මාධ්‍යයකින් කතා කරන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. කාන්තාවකගේ වටිනාකම මේ සමාජය දැනගන්න ඕනේ. මේ සමාජය කාන්තාවට වටිනාකමක් දෙන්න අකමැති සමාජයක්. මට වුණු සිදුවීමත් එක්ක නැවත මේ ගැන කතාබහක් ඇති වෙලා හෝ සමාජය මේ ගැන කතා කරනවා නම් මම කැමතියි.

අර සංසරණය වන විඩියෝව ඔබගේ මනසට කොයිතරම් පීඩනයක්ද? කොහොමද නිවැරදි විය යත්තේ.

මම තරුවක් කියන එක අමතක කරන්නකෝ. මමත් මනුස්සයෙක්. අනිත් මිනිස්සු වගේම හුස්ම ගන්න කෙනෙක් මම. මගේ වෙනසකට තියෙන්නේ මට සින්දු කියන්න පුළුවන් හැකියාවක් තියෙන එක. මගෙත් හිත රිදෙනවා. මටත් සතුට දැනෙනවා. මට ඇඬෙන දවස් තියෙනවා. මට තරහා යන දවස් තියෙනවා. අපි පොදුවේ ගත්තොත් අපි ඔක්කොටම බලපාන ප්‍රශ්නයක් මේක. මම සාමාන්‍යයෙන් Negative Comments දාන පුද්ගලයන්ට අවධානයක් දෙන්නේ නැහැ. මට social media team එකක් ඉන්නවා. එයාලා හෝ මම ඒ Negative Comments දාන පුද්ගලයන්ව වාරණය කරලා දානවා.

අපි මිනිස්සු විදිහට පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා තවත් කෙනෙක්ට ගරු කරන්නේ කොහොමද, කරුණාවන්ත වෙන්නේ කොහොමද කියලා. මේ කාරණා දෙක හදාගත්තොත් අපේ සමාජය මීට වඩා හොඳ තැනකට යයි කියලා හිතෙනවා. මේ අපිට වෙන දේවල්වලින්වත් ඒ හැදියාව ඇවිල්ලා ඉදිරි පරම්පරාවවත් මේකෙන් බේරුණොත් හොඳයි. සමාජයේ හැසිරෙන්න ඕනේ කොහොමද කියලා ලංකාවේ පාසල් අධ්‍යාපනයට වෙනම විෂයක් දාන්න වන තරමට මේ සමාජය පිරිහිලා තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවන විදිහට හැසිරෙන හැටි ජීවත් වෙන හැටි නැවත නැවතත් හැමෝම ඉගෙන ගන්න ඕනේ.

අනිත් අය තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙන දේවල් දැක්කම දක්වන ප්‍රතිචාරයයි ඔබ දැක් වු ප්‍රතිචාරයයි වෙනස් නේද?

මට ඕනේම ඍණාත්මක ප්‍රතිචාරයක් භාරගන්න මට පුළුවන්. ඒ අය මගේ ඡායාරූපවලට එක එක ඍණාත්මක දේවල් දානකොට පවා මම බොහොම නිහඬව හිටියා. මගේ හිත රිදුණාට මගේ පීඩනය වැඩි වුණාට මම නිහඬව හිටියා. ඒත් මගේ නොවන මගේ කියලා කියන අසභ්‍ය වීඩියෝ එකක් හැමතැනම යද්දි මම හිතුවා කතා කරන්න. මොකද ගිය අවුරුද්දෙත් ගීත ගායනා කරන පොඩි ගෑණු ළමයෙක්ට සමාජජාලවල වද දුන්නා. හරිම කැත විදිහට විවිධ කතා කිව්වා. ඒත් කවුරුත් ඒකට කතා කළේ නැහැ. මේ සමාජයේ කාන්තාවන්ම තමයි කාන්තාවන් පහළට දාන්නේ. මට වුණු සිදුවීමත් එක්ක මම හිතුවා හැමෝම වෙනුවෙන් මේ හිංසන ගැන කතා කරන්න ඔනෙ කියලා. කවදාහරි අපි හැමෝම මේ ලෝකෙන් යනවා. ඒත් ඊළඟට එන පරම්පරාවේ කාන්තාවකට මෙහෙම දෙයක් වුණොත් ඒකට අපිත් වග කියන්නේ ඕනේ. ඒ නිසා ඒ වේදිකාවේ මම නිහඬව ඉන්නද මේ ගැන කතා කරන්න ඕනේද කියන තැන හිටියේ. ඒ නිසයි මම ඒ වැඩසටහනේදී ඒ ගැන කතා කළේ.

උමාරියා ඇඬුවේ මාකර්ට් වෙන්නද?

ඒක වැරදි දෙයක්. මම එතනදී සංවේදී වුණේ කිසිම ලාභ ප්‍රයෝජනයක් ලබාගන්න නෙමෙයි. මගේ හිත රිදුණ නිසා මම මනුස්සයෙක් නිසා ඒ වැඩසටහනේදී මට ඇඬුණා. නමුත් මම එතනට ගියේ කාන්තාවක් විදිහට මේ ගැන පුළුල් ලෙස කතා කරන්න. නැතුව එතනට ගිහිල්ලා බොරු ප්‍රසිද්ධියක් අරගෙන මට ඡන්දය දෙන්න කියලාවත් සම්මානයක් ගන්නවත්, The Voice රියැලිටි වැඩසටහනේ ඉන්න නිසා ප්‍රසිද්ධියක් අරගෙන මගේ කණ්ඩායම දිනවන්නවත් නෙමෙයි. භෞතික දේවල් පිටිපස්සේ දුවන්නේ නැහැ කියලා මම හැමදාම කියනවා. ඒ නිසා මට ඒ ප්‍රසිද්ධිය කිසිසේත්ම අදාළ නැහැ.

ඔබ හඩ නැගුවේ සමස්ත ගැහැණුන් සහ අසාධාරණයට ලක්වන චරිත වෙනුවෙන් මේ හඩ දැන් නවතිද?

එහෙම වෙන්න බැහැ. මම හිතනවා දැන් හැමෝම මේ ගැන කතා කරනවා වගේම ක්‍රියාවෙනුත් ඒක කරලා පෙන්නයි කියලා. ඉදිරියේදිවත් ඕනේම මනුස්සයෙක්ට ගරු කරලා කරුණාවන්ත වෙලා හැසි‍රෙන හැටි සමාජය පුහුණුවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සමාජ ජාලාවල ඍණාත්මක හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න අදාළ පාර්ශ්ව නෛතික රාමුවක් හදයි කියලාත් බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16