උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 24 දින රාත්‍රී 11 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි .

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය කියයි .

ඇය බීමතින් සිට ඇද්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ම ස්වසන පරීක්ෂණයට ලක් කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 26 අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Update 3.20pm

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනි උපේක්ෂා ස්වරණමාලි පොලිස් ඇප මත මුදාහැර ඇත.

රිය අනතුරක් කරමින් පුද්ගලයෙකු අනතුරට පත් කිරීම හේතුවෙන් ඇය කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණයට ඉදිරිපත් කරන බව සදහන් කරමිනි.

ඇය පොලිස් ඇප මත මුදා හැර ඇතත් ඇය විසින් පදවන ලද වාහනය පොලිස් භාරයේ තවදුරටත් තබා ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?