උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 24 දින රාත්‍රී 11 ට පමණ මහනුවර දිසාවේ සිට කුරුණෑගල දිසාව දෙසට ගමන් කරමින් සිටියදී කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි .

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය කියයි .

ඇය බීමතින් සිට ඇද්දැයි අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ම ස්වසන පරීක්ෂණයට ලක් කොට ඇති අතර ඇය බීමතින් නොසිටි බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 26 අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Update 3.20pm

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනි උපේක්ෂා ස්වරණමාලි පොලිස් ඇප මත මුදාහැර ඇත.

රිය අනතුරක් කරමින් පුද්ගලයෙකු අනතුරට පත් කිරීම හේතුවෙන් ඇය කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණයට ඉදිරිපත් කරන බව සදහන් කරමිනි.

ඇය පොලිස් ඇප මත මුදා හැර ඇතත් ඇය විසින් පදවන ලද වාහනය පොලිස් භාරයේ තවදුරටත් තබා ගෙන තිබේ.

  1. නිිිිතිය සියලු දෙනාටම සමාන වියයුතුය,අනතුරට පත් අයට සාදරනයක් ඉටුකිරිම පොලිසියෙ රාජකාරිය වන්නේ,

  2. ගම්පහ බුද්ධිමත් ජනතවාගෙ චන්දයෙන් , කරු ජයසූරියටත් ඉහලින් චන්ද දීල පාර්ලිමෙන්තු ඇරපු තවත් ගොන් නෑම්බියක් මෙයා, නීතිය කාටත් පොදු විය යුතුය , පොත්තට ලස්සනට . අවයව වලට නැමෙන්නෙ නැතුව නිසි නීතිය ක්‍රියාත්මක කරන්න මේකිටත්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39