උපුල් තරංග අත්අඩංගුවට නොගන්නැයි අතුරු තහනම් නියෝගයක්

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අධිකරණය නිකුත් කර තිබෙන වරෙන්තුවට අනුව උපුල් තරංග මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම පෙත්සම්කාර උපුල් තරංග මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින පොලිස්පතිවරයා සහ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ට ද තවත් නියෝගයක් නිකුත් කෙරුණා.

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංගට මාතලේ මහාධිකරණය පසුගිය 8 වනදා වරෙන්තු නිකුත් කළා.

ඒ, මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ “‍ලෙජන්ඩ්ස් ලීග් ”‍ නමැති ක්‍රිකට් තරගාවලියේ තරග මුදලට පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව විභාග වෙමින් තිබෙන නීතිකෘතයකට අධිකරණය හමුවේ පෙනී නොසිටීමට අදාළවයි.

අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස්ගත වීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නැයි එම වරෙන්තුව නිකුත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33