උපාධිධාරී සමූපකාර පරීක්ෂකවරුන් පිරිසකගේ ඉහළ වැටුප් ගැන අධිකරණයෙන් තීන්දුවක්

උපාධිධාරී සමුපකාර පරීක්ෂකවරුන් පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීමට බස්නාහිර පළාත් සභාව ගත් තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු ව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු උදයකුමාර පැවසුවේ; බී. ඒ. චන්ද්‍රදාස ඇතුළු බස්නාහිර පළාතේ සමුපකාර පරීක්ෂකවරු 150 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි.

විජිත් මළල්ගොඩ, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබුවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ බස්නාහිර පළාතේ 1977 වසරින් පසුව සේවයට බඳවාගත් සමූපකාර පරීක්ෂකවරු අතරින් සුළු පිරිසක් ඉහළ වැටුප් තලවල පිහිටුවීමට වගඋත්තරකරුවන් ගත් තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවයි.

ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේන් ගොපල්ලව අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ ලිපිකාර හා සමාන්තර ශ්‍රේණිවල ඌන රැකියාලාභී උපාධිධාරීන්ට අදාළ වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය යටතේ අදාළ සමූපකාර පරීක්ෂකවරුන්ට ඉහළ වැටුප් තලයක් හිමිවන බවයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල කියා සිටියේ මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන 12 (1) වගන්තිය උල්ලංඝනය වන බවයි.

ඒ අනුව අභියෝගයට ලක් කෙරුණු වැටුප් වැඩි කිරීමෙන් පෙත්සම්කරුවන්ට සිදු වූ අහිතකර බලපෑම සමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බස්නාහිර පළාත් සභාවේ බලධාරීන්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33