AFC Banner
Empty Ad
Empty Ad

උපරිම මුදල රුපියල් 109ක් ලෙස දක්වමින් ගැසට්ටුව නිකුත් වෙයි

‍ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බව

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම මුදල සම්බන්ධයෙන් තීරණයකට එළඹි බවයි.

ඒ, අනුව ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස යුතු වනවා.

ඒ, අනුව වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586ක් බව සඳහන්.

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් 60%ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකියි.

ඉතිරි 40% හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ 19,434යි ශත 40ක මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැය කළ හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?