උපරිම මුදල රුපියල් 109ක් ලෙස දක්වමින් ගැසට්ටුව නිකුත් වෙයි

‍ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බව

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම මුදල සම්බන්ධයෙන් තීරණයකට එළඹි බවයි.

ඒ, අනුව ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස යුතු වනවා.

ඒ, අනුව වියදම් කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586ක් බව සඳහන්.

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලෙන් 60%ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකියි.

ඉතිරි 40% හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ 19,434යි ශත 40ක මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැය කළ හැකි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05