අර්බුදයට විසදුම් අරන් ICC නියෝජිතයා බංග්ලාදේශයට – ඉන්දීය ජාතික නියෝජිතයාට වීසා නැතිවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉන්දීය ජාතික නිලධාරියෙකුට බංග්ලාදේශයට පැමිණීමට බංග්ලාදේශ වීසා ලබානොදීම මත, පන්දුවාර 20-20 ලෝක කුසලාන ගැටලුව තවත් උග්‍ර වී තිබෙනවා.

ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට යෑමට සිටි දෙදෙනෙකුගෙන් සමන්විත අයි.සී.සී නියෝජිත කණ්ඩායමේ ඉන්දීය ජාතික නිලධාරිගේ වීසා මෙලෙස ලබාදීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව බංග්ලාදේශ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අයි.සී.සී දූෂණ විරෝධී සහ ආරක්ෂක ප්‍රධානී ඇන්ඩෲ එෆ්ග්‍රේව්ට පමණක් අද (17) දිනයේ බංග්ලාදේශයට යාමට සිදු වුණා.

එළඹෙන පෙබරවාරි 07 වන දින ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියට එල්ල වී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය විසඳීම අයි.සී.සී නියෝජිතයාගේ අවසාන අරමුණයි.

ජාත්‍යන්තර ක්‍රීඩා ආරක්ෂාව පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති හිටපු බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකු වන ඇන්ඩෲ එෆ්ග්‍රේව්, තම ක්‍රීඩකයින්ට විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ සඳහා ඉන්දියාවේ අවශ්‍ය ආරක්ෂක ආවරණය ලැබෙන බවට බංග්ලාදේශ බලධාරීන්ට සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් ආරක්ෂක සැලැස්ම ඉදිරිපත් කිරීමට මෙහිදී අපේක්ෂා කරන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

වත්මන් දේශපාලන වාතාවරණය සහ ඔවුන්ගේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය සඳහා වන ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය, ඔවුන්ගේ නියමිත කණ්ඩායම් අදියර තරඟ ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට මාරු කරන ලෙස නිල වශයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01