උපන්දිනය සැමරීමට ගොස් ඇබඩින් දිය ඇල්ලට බිළි වූ තරුණයා දවසකට පසු හමුවෙයි (ඡායාරූප)

මිතුරෙකුගේ උපන්දිනය සැමරීමට නෝටන්බ්‍රිජ් – ඇබඩින් දිය ඇල්ලට ගිය තරුණයෙකු දියේ ගිලී ඊයේ (28) අතුරුදන් වුණා.

මෙලෙස දියේ ගිලීමෙන් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර දිය ඇල්ල පාමුල ඇළෙහි අඩි 15ක් පමණ ගැඹුරින් තිබී අද (29) සොයාගත් බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බගවන්තලාව, ලින්ස්ටඩ් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි ක්‍රිෂ්ණන් විනුෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා ගිනිගත්හේන නගරයේ සුපිරි වෙළදසැලක සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත්, එම වෙළදසැලේම සේවය කරන තවත් සේවකයෙකුගේ උපන් දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (28) දිය ඇල්ලට පැමිණ තිබෙනවා.

පසුව දිය නෑමට ඇළට බැස ඇති අවස්ථාවේ මෙම තරුණයා දියේ ගිලී අතුරුදන්ව ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

පසුව ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස්, ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව ඊයේ දිනයේ සිට සිදුකළ මෙහෙයුමක දී අද (29) පෙරවරුවේ මෙම සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?