උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි – ශ්‍රි පාද වන්දනා සමය අදින් ඇරඹෙයි

2023 වර්ෂයේ අවසන් පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව සිදුකරමින් කළගුණ සැළකීමේ ගුණය පෙන්නුම් කළේ අද වැනි පොහෝ දිනකයි.

එමෙන්ම සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය ශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛාව වැඩම කළේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

මෙරට මෙහෙණි සසුන ආරම්භවීම ද උඳුවප් පෝය දිනයේ දී සිදු වුණා.

මේ අතර 2023-2024 සඳහා වන ශ්‍රි පාද වන්දනා සමය ද උඳුවප් පුර පසළොස්වක පොහෝ දින එළඹීමත් සමඟ ආරම්භ වනවා.

ඒ, අනුව මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද (26) දිනයේ ආරම්භ වන අතර, ශ්‍රී පාද උඩ මළුවට සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩමකරවීම පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහ විහාරස්ථානයේ සිට ඊයේ (25) ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08