උදෑසන දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි

අද (25) උදෑසන ධවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක් මෙලෙස අවලංගු වී ඇති අතර, කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල එක් ගමන් වාරය බැඟින් අවලංගු වී ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය එන්ජින් රියදුරන් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ඊයේ (24) දිනයේ දී පමණක් දුම්රිය ගමන් වාර 65ක් පමණ අවලංගු කිරීමට සිදු වුණා.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පෙරේදා දිනයේ දී ගමන් වාර 15ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

වැටුප් විෂමතාව, අතිකාල දීමනා කප්පාදුව, සේවක හිඟය ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරන් පෙරේදා (23) පස්වරුවේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

කෙසේ වෙතත් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (24) පස්වරුවේ සිට අවසන් කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය දැනුම් දී තිබුණා.

එවැනි දැනුම්දීමක් සිදුකර තිබූ පසුබිමකයි අද (25) උදෑසන ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර හතරක් මෙලෙස අවලංගු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?