උදෑසන දුම්රිය ගමන් වාර 04ක් අවලංගුයි

අද (25) උදෑසන ධවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක් මෙලෙස අවලංගු වී ඇති අතර, කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල එක් ගමන් වාරය බැඟින් අවලංගු වී ඇති බවයි වාර්තා වුණේ.

දුම්රිය එන්ජින් රියදුරන් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ඊයේ (24) දිනයේ දී පමණක් දුම්රිය ගමන් වාර 65ක් පමණ අවලංගු කිරීමට සිදු වුණා.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පෙරේදා දිනයේ දී ගමන් වාර 15ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

වැටුප් විෂමතාව, අතිකාල දීමනා කප්පාදුව, සේවක හිඟය ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් දුම්රිය රියැදුරන් පෙරේදා (23) පස්වරුවේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

කෙසේ වෙතත් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (24) පස්වරුවේ සිට අවසන් කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය දැනුම් දී තිබුණා.

එවැනි දැනුම්දීමක් සිදුකර තිබූ පසුබිමකයි අද (25) උදෑසන ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර හතරක් මෙලෙස අවලංගු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40