Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නුවරඑළියේ ලැඟුම්හලක අවසන් ගමන් ගිය තරුණියගේ සිද්ධියට පොලිසියට අවශ්‍ය ව සිටි අයෙක් මාට්ටු

නුවරඑළිය පොලිස් වසමේ මාගස්තොට ප්‍රදේශයේ නවාතැන්පොලක් තුල ඝාතනයට ලක්ව ඇති බවට සැක කෙරෙන කාන්තාවකගේ මළ සිරුරක් පසුගිය 10 වැනිදා පොලිසියට හමුවුණා.

මෙලෙස මියගොස් සිටියේ අම්පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් විමර්ශන ආරම්භ කළා.

විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (12) දින රාත්‍රීයේ නුවරඑළිය බස් නැවතුම්පල අසලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

සැකකරු අවුරුදු 27 ක් වූ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වි ඇත්තේ පසුගිය 10 වැනිදා තෙරිපැහැ පොලිස් වසමේදී අත්අඩංගුවෙන් පලා ගිය අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවයි.

නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.