උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට ඇමරිකාවෙන් සම්බාධක

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන අයට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක පනවා තිබෙනවා.

ඔවුන් සිදුකර ඇති බවට සැලකෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මෙම සම්බාධක පනවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 7031(c)වගන්තිය යටතේ මෙම පුද්ගලයින් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස උදයංග වීරතුංග කටයුතු කරන සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට එල්ලවන චෝදනා යටතේ ඔහුට මෙම සම්බාධක පනවා ඇති බව සඳහන්.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබීම ඔහුට මෙම සම්බාධක පැනවීමට හේතු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47