උතුරේ ජනතාවට චීන රජය අඛණ්ඩ ව සහාය දෙන බවට පොරොන්දුවක් (ඡායාරූප)

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩ ව සහන ලබාදෙන බවට චීන තානාපති කාර්‍යාලය පොරොන්දු වී තිබෙනවා.

උතුරේ නිල සංචාරයකට එක්වෙමිනුයි මෙරට චීන තානාපති සී-සෙන්-හොන් මේ බව පැවසුවේ.

යාපනය, මන්නාරම ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කරමින්, සිය දූත පිරිස සමග චීන තානාපතිවරයා එම කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳ ව සොයා බැලුවා.

එහිදී ආගමික නායකයන් සේ ම ආගමික සිද්ධස්ථාන ද නිරීක්ෂණය කිරීමටයි චීන තානාපතිවරයා කටයුතු කළේ.

චීන තානාපතිවරයා විසින් උතුරේ ධීවර ප්‍රජාවට වියළි ආහාර ද්‍රව්‍ය සහ ධීවර ආම්පන්න ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා.

එමෙන්ම යාපනයේ පුරාවිද්‍යාත්මක ස්ථාන ද චීන තානාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේ දී යුද හමුදාවේ සහභාගීත්වයෙන් මන්නාරමේ නැවත පදිංචි ධීවර පවුල් වෙනුවෙන් ද වියළි ආහාර මළු ප්‍රදානය කිරීමක් සිදු කෙරුණා.

චීන රජයෙන් පහසුකම් ලබාදීමේ මූලික අදියරක් වශයෙන් උතුරෙන් ආරම්භ කළ වැඩසටහන ඉදිරියේ දී තවත් සහන රැසක් සමගින් ලබාදීමටයි චීන තානාපතිවරයා මෙහිදී උතුරේ ප්‍රජාවට එකඟ වූයේ.

02
04
07
09
05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?