ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවෙතැයි බියෙන් ඉන්ධන ලබාගැනීමට උතුරු පළාතේ ඉන්ධන පිරවුම්හල් අසළ අද (17) දිනයේ දිගු පෝලිම් දක්නට ලැබුණු බව වව්නියාව දසත නිවුස් වාර්තාකරු සඳහන් කළා.
වවුනියාව, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ඉන්ධන පිරවුම්හල් අසල මෙලෙස පෝලිම් නිර්මාණය වී ඇති බවයි වාර්තා වුණේ.
මෙම තත්ත්වයත් සමඟ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් වී ඇති අතර, ඇතැම් පිරවුම්හල් ඉන්ධන නිකුත් කිරීම සීමාකර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
7
+1
+1
+1
+1















