AFC Banner
AFC Banner
Empty Ad

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමකින් ජපානය සලිත වෙයි

උතුරු කොරියාව විසින් ඊයේ තවත් අධිබලැති බැලැස්ටික් මිසයිලය අත්හදා බැලීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

මෙම බැලැස්ටික් මිසයිලය ජපානයට ඉහළින් ගමන්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර කළේ.

මේ හේතුවෙන් උතුරු දිග ජපානයේ ජනතාවට ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙසයි ජපාන බලධාරීන් දැනුම් දී තිබුණේ.

එමෙන්ම මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම හේතුවෙන් ජපානයේ ප්‍රවාහන සේවාවන්ට ද බාධා එල්ල වී ඇති බව ද සඳහන්.

ඒ, ජපාන බලධාරීන් විසින් දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමටත් සමඟයි.

උතුරු කොරියා අත්හදා බැලූ මෙම මිසයිලය ජපානයට ඉහළින් ගමන්කරමින් කිලෝ මීටර් 4,600ක් පමණ ඈතින් පැසිෆික් සාගරයට වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?